15 හැවිරිදි දැරිය දූෂණය කිරීමේ විමර්ශනයට බාධා….! “කොටුව” හරියෙන් පරීක්ෂණ නතර වෙයි….!

July 12, 2021 at 2:02 pm | by emanisa.lk

15 හැවිරිදි දැරිය දූෂණය කිරීම සම්බන්ධයෙන් මේ වන විට ඉලක්කම් තුන ඉක්මවා යන සැකකරුවන් ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්තා වන සමගි ජන බලවේගය පවසයි.

එම විමර්ශන කටයුතු කොටුව හරියෙන් නතර වීමට යන බවට වන පුවත් සමාජමාධ්‍යවල දක්නට ඇතැයි ද එම පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීනී, රෝහිණී කවිරත්න අනාවණරය කරයි.

තමා මෙම පරීක්ෂණ පැවැත්වීම ගැන පාර්ලිමේන්තුවේ දී ද ස්තූති කළ බව සඳහන් කළ රෝහිණී කවිරත්න, එම පරීක්ෂණ කිසියම් හේතුවක් නිසා නතර වීමට යන්නේ නම් තම විරෝධය පළ කරන බව ද අවධාරණය කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස