08 වෙනිදා පාර්ලිමේන්තු එන බැසිල් එදිනම ඇමැති ධූරයට….! මහින්ද චමල් නාමල් සතු ආයතන ගණනාවක් බැසිල්ට…!

July 4, 2021 at 7:32 am | by emanisa.lk

ආර්ථික සංවර්ධන කැබිනට් අමාත්‍ය සහ මුදල් රාජ්‍ය අමාත්‍ය ධූරයේ දිවුරුම් දීමට නියමිත, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂගේ අමාත්‍යාංශයට කොළඹ වරාය නගර ව්‍යාපෘතිය සහ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය ද පැවරෙනු ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

කොළඹ වරාය නගරය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ අමාත්‍ය ධූර ය හොබවන නාගරික සංවර්ධන අමාත්‍යාංශය යටතේ ද ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ රාජ්‍ය අමාත්‍ය ධූරය හොබවන ඩිජිටල් තාක්ෂණ හා ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය යටතේ ද දැනට පවතී.

මීට අමතරව අලුතින් ඇති කරන ආර්ථික සංවර්ධන අමාත්‍යංශය යටතට ජනාධිපතිවරයාගේත්, අගමැතිවරයාගේත්, චමල් රාජපක්ෂ ඇමතිවරයාගේ සහ නාමල් රාජපක්ෂ ඇමතිවරයාගේත් අමාත්‍යාංශ යටතේ ඇති ආයතන ගණනාවක් පැවරීමට නියමිතව ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

බැසිල් රාජපක්ෂ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු වශයෙන් ලබන බ්‍රහස්පතින්දා (08) දිවුරුම් දීමට නියමිත අතර, ඔහු එදින හෝ ඊට පසු දින ආර්ථික සංවර්ධන හා මුදල් රාජ්‍ය ඇමැතිවරයා වශයෙන් ද දිවුරුම්දීමට නියමිත ය. ඔහු 2015ට පෙර පැවැති මහින්ද රාජපක්ෂ රජයේ ද ආර්ථික සංවර්ධන ඇමතිවරයා ලෙස කටයුතු කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *