0.55% බස් ගාස්තු අඩු වීම ක්‍රියාත්මකයි… වැඩියෙන් ගත්තොත් පැමිණිලි කරන අංකය මෙන්න…!

July 5, 2025 at 10:05 am | by emanisa.lk

මේ වසරේ වාර්ෂික බස් ගාස්තු සංශෝධනයට අනුව අඩු කෙරුණු 0.55% බස් ගාස්තු ඊයේ (ජුලි 4) මධ්‍යම රාත්‍රියෙන් පසු ක්‍රියාත්මක විය.

මෙම බස් ගාස්තු අඩු වීම සාමාන්‍ය සේවා, අර්ධ සුඛෝපභෝගී සේවා, සුඛෝපභෝගී සේවා, අධි සුඛෝපභෝගී සේවා හා අධිවේගී මාර්ගවල ධාවනය වන සියලු ම බස් රථ සේවා සඳහා අදාළ වන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව සඳහන් කරයි.

මගීන්ගෙන් අය කළ යුතු නියමිත බස් ගාස්තුව පමණක් අයකරන ලෙස ශ්‍රී ලංගම සහ පෞද්ගලික බස්‍ රථ ධාවකයන් වෙත දැනුම් දෙන අතර නියමිත ගස්තුවට වඩා වැඩියෙන් බස් ගාස්තු අයකරන අය සම්බන්ධයෙන් නිත්‍යානුකූල ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බව ද කොමිෂන් සභාව දන්වා සිටියි.

නියමිත ගාස්තුවට වඩා වැඩිපුර අය කළහොත් ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ 1955 ක්ෂණික දුරකතන අංකයට හෝ 0712595555 whatsapp අංකයට පැමිණිලි ඉදිරිපත් කරන ලෙසද දන්වා සිටියි.

Loading

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *