හොරකම සාමාන්‍යකරණය කරල රටේ ආර්ථිථිකය විනාශ කළේ සිරිසේන…! – මහින්ද..

January 6, 2022 at 10:05 am | by emanisa.lk

මේ රටේ ආර්ථිකය විනාශ කරපු, හොරකම වංචාව දූෂණය සාමාන්‍යකරණය කරපු සිරිසේනත් මේ වසංගතය නිසා ඇති වුණ ජනතා අපහසුතා මැද තමන් පොරක් කියල හිතාගෙන ඉන්නව නම් අනුර කුමාර ගැන තව මොන කතා ද?

සිරිසේන දැන් කියවන්නෙ මැරිල ඉපදිලා වගේ. ආර්ථිකය විනාශ වෙන්න ගත්තෙ සිරිසේන ජනාධිපති විදියට ඉන්නකොට කරපු මහබැංකු හොරකම නිසා. 2015 පෙබරවාරියෙත්, 2016 පෙබරවාරියෙත් ඒක වෙන්න ඉඩ හැරල සිරිසේන බලාගෙන හිටිය.

අනෙත් පැත්තෙන් ලංකාවට ඩොලර් අහිමි කිරීම පටන් ගත්තෙත් සිරිසේනල ජාතික ආරක්ෂාව තුට්ටුවකට මායිම් නොකර පාස්කු ප්‍රහාරය වළක්වන්න කටයුතු නොකළ නිසා. 97 වතාවක් අනතුරු අඟවලත් ප්‍රහාරය වළක්වන්න බැරි වුන සිරිසේනගේ ජනාධිපතිකම මොකක්ද ? එහෙව් සිරිසේන කියනව අපි අරහෙම කරනව මෙහෙම කරනව කියල. 20 අහෝසි කරල 19 ආපහු ගේන්නත් ඕනලු.

සිරිසේන තේරුම් ගන්න ඕන ඔය 19 තමා තමුනුයි රනිලුයි දෙපැත්තට ඇදල මේ රට අවුරුදු පහෙන් මහින්ද කර⁣ගෙන ආපු සියළු දේවල් ආපහු හැරවන්න ව්‍යවස්ථාපිත බලය දුන්නෙ. ආපහු සිරිසේනට ඕන මොකක්ද කියල දැන් තේරෙනව.

මේ රටේ ආර්ථිකය විනාශ කරපු, හොරකම වංචාව දූෂණය සාමාන්‍යකරණය කරපු සිරිසේනත් මේ වසංගතය නිසා ඇති වුණ ජනතා අපහසුතා මැද තමන් පොරක් කියල හිතාගෙන ඉන්නව නම් අනුර කුමාර ගැන තව මොන කතා ද? සිරිසේන දැන් කියවන්නෙ මැරිල ඉපදිලා වගේ. ආර්ථිකය විනාශ වෙන්න ගත්තෙ සිරිසේන ජනාධිපති විදියට ඉන්නකොට කරපු මහබැංකු හොරකම නිසා. 2015 පෙබරවාරියෙත්, 2016 පෙබරවාරියෙත් ඒක වෙන්න ඉඩ හැරල සිරිසේන බලාගෙන හිටිය.

අනෙත් පැත්තෙන් ලංකාවට ඩොලර් අහිමි කිරීම පටන් ගත්තෙත් සිරිසේනල ජාතික ආරක්ෂාව තුට්ටුවකට මායිම් නොකර පාස්කු ප්‍රහාරය වළක්වන්න කටයුතු නොකළ නිසා. 97 වතාවක් අනතුරු අඟවලත් ප්‍රහාරය වළක්වන්න බැරි වුන සිරිසේනගේ ජනාධිපතිකම මොකක්ද ?එහෙව් සිරිසේන කියනව අපි අරහෙම කරනව මෙහෙම කරනව කියල.

20 අහෝසි කරල 19 ආපහු ගේන්නත් ඕනලු. සිරිසේන තේරුම් ගන්න ඕන ඔය 19 තමා තමුනුයි රනිලුයි දෙපැත්තට ඇදල මේ රට අවුරුදු පහෙන් මහින්ද කර⁣ගෙන ආපු සියළු දේවල් ආපහු හැරවන්න ව්‍යවස්ථාපිත බලය දුන්නෙ. ආපහු සිරිසේනට ඕන මොකක්ද කියල දැන් තේරෙනව.

මහින්ද පතිරණ

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස