රාජපක්ෂ පවුල රට විනාශ නොකළ නම් ලංකාව ඩුබායි වගේ දියුණුයි…! – පාඨලී…

September 5, 2022 at 6:16 pm | by emanisa.lk

1980 පසු ඩුබායි දේශය වෙළඳ නාවික ගුවන් තාක්ෂණික මූලස්ථානයක් ලෙස දියුණුවට පත් වූ බව හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක පවසයි.

ශ්‍රී ලංකාව එම තත්ත්වයට ගෙන ඒමට තමන් ද බලාපොරොත්තු වූ බවයි, හිටපු ඇමැතිවරයා පෙන්වා දුන්නේ.

කෙසේ වුව ද රාජපක්ෂ පවුල ඉදිරියට පැන ලංකාවේ අනාගතය සම්පූර්ණයෙන් ම විනාශ කළ බවට ද පාඨලී චම්පික චෝදනා කළේය.

එක්සත් අරාබි එමීර් රාජ්‍ය තානාපති කාර්යාලයට ගොස් එහි නිලධාරීන් හමු වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් හෙතෙම මේ බව ප්‍රකාශ කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *