යූඇන්පි බහුතර පාර්ලිමේන්තුව කැඳවනු! අතරමැදි විසඳුම් නෑ! අපි අගමැති හමුව වර්ජනය කරනවා! – ජවිපෙ

May 1, 2020 at 4:34 pm | by emanisa.lk

අගමැති මහින්ද රාජපක්ෂ මැයි මස 04 වෙනිදා අරලියගහ මන්දිරයේ පැවැත්වීමට සැලසුම්කර ඇති පැරණි පාර්ලිමේන්තුවේ මන්ත්‍රී හමුව තම පක්ෂය වර්ජනය කරන බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

එම පක්ෂයේ නායක අනුර දිසානායකගේ අත්සනින් නිකුත් කළ නිවේදනයක් මගින් දන්වා ඇත්තේ අප්‍රේල් 30 වන දින සිට ජනාධිපතිවරයාට රාජ්‍ය මුදල් වියදම් කළ නොහැකි බවට ව්‍යවස්ථාමය ගැටලුවක් මේ වන විට සාකච්ඡා වන බව ද අවධාරණය කරයි.

කෙසේ වුවද මෙම හමුව කැඳවා ඇත්තේ එම ගැටලුව පිළිබඳ සාකච්ඡා කිරීමට නම් එය ඵල රහිත බවත් එසේ නම් කළ යුත්තේ ජනාධිපතිවරයා හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කර පාර්ලිමේන්තුව කැඳවීම හෝ ඒ පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ මතය විමසිය යුතු බව ද එම ලිපිය මගින් අවධාරණය කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස