පොලිස් නියෝගවලට අපි බය නෑ…! ගාලු මුවදොරින් යන්නේ නෑ…! පුළුවන් නම් අයින් කරපල්ලා…! – අරගලකරුවෝ…

August 5, 2022 at 10:24 am | by emanisa.lk

පොලීසිය කළ නියෝගයට අනුව කොළඹ ගාලු මුවදොර පිටියෙන් හෙට පස්වරු පහට පෙර ඉවත් නොවන බව අරගලකරුවෝ (04) අවධාරණය කරති.

පොලීසියට එවැනි නියෝගයක් නිකුත් කිරීමට බලයක් නොමැති අතර ඊට එරෙහිව අභියාචනාධිකරණයේ පිහිට පතන බව ද ඔවුහු පැවසුහ.

කොළඹ ගාලු මුවදොර පිටියට ඒ අවට නාගරික සංවර්ධන අධිකාරියට අයත් භූමියේ ඉදිකිරීම් සහ වගාවන් අගෝස්තු 05 වැනි වැනිදා පස්වරු පහට පෙර ඉවත් කළ යුතු බවට පොලීසිය ඊයේ අරගලකරුවන්ට දැනුම් දී තිබේ.

කෙසේ වුව ද මේ වන විට අරගල භූමියේ පැවැති බොහෝ කුඩාරම් ඉවත් කරගෙන ඇති අතර මෙතෙක් මාධ්‍ය හමුවේ පෙනී සිටි අරගලකරුවන් වෙනුවට වෙනත් පිරිසක් මෙවර මාධ්‍ය හමුවේ අදහස් දැක්වීම ද විශේෂත්වයකි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *