පාර්ලිමේන්තුවේ බලය ගන්න බැරි කල්ලිවලට රට අස්ථාවර කරන්න දෙන්න බෑ…! – මනූෂ….

July 26, 2022 at 7:55 pm | by emanisa.lk

පාර්ලිමේන්තුව ඔස්සේ බලය ලබා ගැනීමට නොහැකි පිරිසක් ආයුධ අතට ගෙන සන්නද්ධ ක්‍රමයකට බලය ලබා ගැනීමට උත්සාහ දරමින් සිටින බව අමාත්‍ය මනුෂ නානායක්කාර පවසයි.

එවැනි උත්සාහයක් සඳහා ඉඩ ලබාදීමට කිසිසේත් නොහැකි බවත්, එවැනි උත්සාහයන් පරාජය කිරීම ආණ්ඩුවේ වගකීම බවත් ඇමතිවරයා අවධාරණය කරයි.

ඇමැතිවරයා පෙන්වා දෙන්නේ, ආණ්ඩුවිරෝධී උද්ඝෝෂණවල නිරත ඇතැම් කණ්ඩායම් ආයුධ සන්නද්ධව රාජ්‍ය ආයතන අල්ලා ගනිමින් රට අස්ථාවර කිරීමට උත්සාහ දරන්නේ නම් ඔවුන්ට විරුද්ධව ක්‍රියාත්මක වීමට ආණ්ඩුව බැඳී සිටින බවත්, ජනාධිපති ලේකම් කාර්යාලය කැරලිකරුවන්ගෙන් මුදා ගැනීමට කටයුතු කළේ ඒ අනුව බවත් ය.

කෙසේ නමුත් අරගලයේ මතවාදය ඉදිරියට ගෙන යාමට ආණ්ඩුවෙන් කිසිදු බාධාවක් නොමැති අතර ගෝඨාගෝගම විරෝධතා පරිශ්‍රය ඉවත් කිරීමට කටයුතු නොකළේ ඒ අනුව බව ද ඇමතිවරයා ප්‍රකාශ කරයි.

ප්‍රජාතන්ත්‍රවාදී අරගල මැඩපැවැත්වීම සඳහා කිසි විටෙකත් කටයුතු නොකරන බව ද ඔහු වැඩි දුරටත් පවසයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *