අරගලයට කොමාවක් මිස තිත තියල කියල හිතුවොත් ඔයාට ලොකු වැරදීමක්..! – එරංග ජනපතිට අනතුරු අඟවයි…

September 25, 2022 at 6:47 pm | by emanisa.lk

අරගලය යළිත් වටයකින් ආරම්භ වී ඇති බව සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායක එරංග ගුණසේකර පවසයි.

අරගලයට තිත තබා ඇතැයි රනිල් වික්‍රමසිංහ සිතා සිටින්නේ නම් ඔහුට වැරදී ඇති බවත්, අරගලයට තිතක් නොව කොමාවක් පමණක් තබා ඇති බවත් ඔහු අවධාරණය කරයි.

රනිල් වික්‍රමසිංහ ගෙදර යවා මිස අරගලයට නොනවතිනු ඇති බවයි, එරංග ගුණසේකර වැඩි දුරටත් ප්‍රකාශ කළේ.

ඊයේ (24) විරෝධතාව අතර 84 දෙනෙකු අත්අඩංගුවට ගත් අතර ඉන් 42 දෙනෙකු අද අධිකරණය හමුවට ඉදිරිපත් කළ අතර ඒ අවස්ථාමේ එරංග ගුණසේකර මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *