අයිස් සොයා පාසැල් බෑග් පරික්ෂාව වහා නවතනු…! දරුවන්ගේ පෞද්ගලික්තවයට හානි නොකරනු..! – ස්ටාලින්….

December 17, 2022 at 11:47 am | by emanisa.lk

පාසැල් තුළට මත්ද්‍රව්‍ය රැගෙන ඒම වැළැක්වීමට බව පවසමින් පොලිස් නිලධාරීන් පාසැල් දරුවන්ගේ බෑග පරික්ෂා කිරීම ඔවුන්ගේ පෞද්ගලිකත්වයට හානියක් බව ලංකා ගුරු සංගමය සඳහන් කරයි.

එම සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් සඳහන් කරන්නේ මත්ද්‍රව්‍ය භාවිතය පාසල් සිසුන් අතර ප්‍රචලිත ව ගොස් ඇත්තේ යයි මෙම වැඩපිළිවෙළ ක්‍රියාවට නැංවූවද එය එතරම් සාර්ථක ක්‍රමවේදයක් නොවන බවයි.

පොලිස් නිලධාරීන් මේ ආකාරයෙන් පාසල් තුළට ගෙන දරුවන්ගේ බෑග් පරික්ෂා කිරීම දරුවන්ට හිරිහැරයක් බව පැවසූ ස්ටාලින් ඒ හරහා දරුවන් තව දුරටත් මානසික පීඩාවට පත්වන බව ද කියා සිටියේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *