ෆොනී එයි! තද සුළං සමග වැසි දිගටම!

April 30, 2019 at 10:56 am | by admin

ෆොනි සුළි කුණාටුවේ බලපෑම නිසා මැයි 3 වන දා දක්වා දිවයිනේ වැසි තත්ත්වයේ හා සුළං තත්ත්වයේ වැඩි වීමක් අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව සබරගමුව, මධ්‍යම, දකුණු, බස්නාහිර, වයඹ, ඌව පළාත්වල හා මන්නාරම හා අම්පාර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 150 ට වැඩි තද වැසි ද සෙසු පළාත්වලට මිලිමීටර් 100 ක පමණ තද වැසි ද ඇති විය හැකිය.

මධ්‍යම කඳුකර ප්‍රදේශවලත් උතුරු, උතුරුමැද, වයඹ හා දකුණු පළාත්වලත් ත්‍රිකුණාමලය හා අම්පාර දිස්ත්‍රික්කවලට ත් පැයට කිලෝමීටර් 60-70 දක්වා තද සුළං ඇති විය හැකිය.

එහෙයින් දිවයිනට නිරිත, දකුණු, ගිනිකොන, නැගෙනහිර, ඊසාන හා උතුරු දෙසින් වන මුහුදු ප්‍රදේශවල නැවත දැනුම් දෙන තුරු ධීවර හා නාවුක කටයුතුවලින් වළකින්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලීමක් කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස