ෆොන්සේකා එක්ක බොහෝ සාකච්ඡා කළා… තවම තනතුරක් ඉල්ලුවේ නෑ…! – ඇමති ලාල්කාන්ත…

October 15, 2025 at 8:00 pm | by emanisa.lk

ෆිල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා සමග යම් යම් කරුණු පිළිබඳව සාකච්ඡා කර ඇතත් ඔහුට තනතුරක් ලබා දීමට කිසිදු සාකච්ඡාවක් සිදු කර නැති බව කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත සඳහන් කරයි.

“සරත් ෆොන්සේකා මහතා සමඟ යම් යම් කරුණු පිළිබඳ කොතෙක් සාකච්ඡා කොට ඇතත් ඔහුට තනතුරක් ලබා දීම සම්බන්ධයෙන් මේ දක්වා කිසිදු සාකච්ඡාවක් ආණ්ඩුව සිදු කර නැහැ. අනෙක ඒ මහතා කිසිදු තනතුරක් ආණ්ඩුවෙන් මේ වනතුරු ඉල්ලා නැහැ.”

මහනුවරදී පැවැති වැඩසටහනට එක් වූ අවස්ථාවේ මාධ්‍ය අමතමින් ඔහු මේ බව පැවසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *