ෆොන්සේකා ආවේ රනිල්ගේ ජාතික ලැයිස්තුවෙන්! ජනාධිපති අපේක්ෂකයා ගැන කතා කරන්න ඔහුට අයිතියක් නෑ! – රංජිත් අළුවිහාරේ

August 15, 2019 at 2:32 pm | by emanisa.lk

එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා තෝරාගැනීම පක්ෂයේ කාර්යක් බවත් ජාතික ලයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පැමිණි පුද්ගලයින්ට එය සිදු කළ නොහැකි බවත් රාජ්‍ය අමාත්‍ය රංජිත් අළුවිහාරේ පවසයි.

මාතලේ – අකුරම්බඩ ප්‍රදේශයේ දී මාධ්‍ය අමතමින් ඔහු මේ බව පැවැසීය.

එක්සත් ජාතික පක්ෂයේ මේ වන විට කිසිදු අර්බුධයක් නොමැති බවත් පිටස්තර හෝ පක්ෂයට අලුතෙන් එක්වූ පිරිස්වලට එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේකෂකයා සම්බන්ධයෙන් කිසිදු තීරණයක් ගැනීමට නොහැකි බවත් ඔහු පැවැසීය.

“නියම වෙලාවට අපි තීරණය කරනවා කවුද අපේකෂකයා කියලා. සරත් ෆොන්සේකා මහතා අගමැතිවරයා විසින් ජාතික ලැයිස්තුවෙන් පත්කරලා තියෙන්නේ. එයාට කිසිම වගකීමක් නැහැ. ඔය කරන ප්‍රකාශ පිළsගන්නේ නැහැ. එහෙම ප්‍රකාශ කරන්න එතුමට අයිතියකුත් නැහැ.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස