ෆොන්සේකාගේ යෝජනාව ඉවත දමා තුසිත වනිගසිංහ වැඩ බලන ආරක්ෂක ලේකම් ධුරයට පත් කෙරේ!

April 26, 2019 at 7:45 am | by admin

ආරක්ෂක ලේකම් ලෙස කටයුතු කළ හේමසිරි ප්‍රනාන්දු සිය ධුරයෙන් (25) ඉල්ලා අස්වීමෙන් පසු වැඩබලන ආරක්ෂක ලේකම්වරයා ලෙස තුසිත වනිගසිංහ පත්කර ඇතැයි වාර්තා වේ.

ඔහු ජ්‍යොෂ්ඨ පරිපාලන නිලධාරියෙකු වන අතර මීට පෙර වාර්තා වී තිබුණේ හිටපු හමුදාපති දයා රත්නායක හෝ හිටපු පොලිස්පති එන්.කේ. ඉලංගකෝන් ආරක්ෂක ලේකම් ධුරයට පත් කිරීමේ සූදානමක් ඇති බවය.

හිටපු හමුදාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා පවසා තිබුණේ ආරක්ෂක පාසලක ඉගෙන ගත් අයකු ආරක්ෂක ලේකම් ධුරයට පත් කළ යුතු බවය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස