ෆොන්සේකාගෙන් රටට ම ආදර්ශයක්…! මත ගැටුම් පසෙක ලා දුක බෙදාහදා ගනී..!

December 31, 2021 at 9:46 am | by emanisa.lk

අම්පාර බුද්ධංගල ආරණ්‍ය සේනාසනයේ වැඩ වාසය කළ අපවත් වී වදාළ බුද්ධංගල ආනන්ද හිමියන්ගේ දේහයට පසුගිය දිනවල ජනාධිපති අගමැති ඇතුළු පක්ෂ විපක්ෂ මැති ඇමැතිවරු අවසන් ගෞරව දැක්වූහ.

එම පිරිස දේහයට ගෞරව දැක්වීමෙන් පසු බුද්ධංගල හිමියන්ගේ සහෝදරයා වන මහජන ආරක්ෂක අමාත්‍ය විශ්‍රාමික රියර් අද්මිරාල් සරත් වීරසේකරට සහ උන්වහන්සේගේ පවුලේ ඥාතීන්ට ශෝකය පළ කළහ.

එහි දී දැකගත හැකි වූ විශේෂ සිදුවීමක් වූයේ පාර්ලිමේන්තුවේ දී ඇමැති සරත් වීරසේකර සමග නිතර ගැටුම් ඇති කරගත් සරත් ෆොන්සේකා ද එම අවස්ථාවට එක්ව සිටීමය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස