ෆේස්බුක් ෆේක් එකටුන්ට් වහන්න ආණ්ඩුවට බෑ…! ඇමැතිගේ මෝඩ ප්‍රකාශය හෙළා දකිනවා…! – ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය

May 8, 2021 at 9:12 am | by emanisa.lk

ෆේස්බුක් ගිණුම් අත්හිටුවීමට නියාමනයට හෝ පාලනය කිරීමට කිසිදු රජයකට හැකියාවක් නැතැයි ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය පවසයි.

ලංකාවේ හිමිකරුවන් නොමැති ගිණුම් ලක්ෂ 20ක් ඇති බවත් ඒවා පිළිබඳ ඉදිරියේ දී නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවත් ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල සිදුකර ප්‍රකාශ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් එහි සභාපති රසික කුරුවිට මේ බව ප්‍රකාශ කර තිබේ.

ලංකාවේ ෆේස්බුක් පරිශීලකයින් ලක්ෂ 76ක් සිටින බවත් ඒ අතරින් ලක්ෂ 20ක් හිමිකරුවන් නොමැති ගිණුම් යයි ඇමැතිවරයා කියන්නේ කුමන පදනමකින් දැයි ඔහු ප්‍රශ්න කරයි.

ෆේස්බුක් පරිශීලකයින් බියගැන්වීම සඳහා සිදුකරන මෙම මෝඩ ප්‍රකාශ තම සංවිධානය හෙළා දකින බව ද එම නිවේදනයෙහි වැඩි දුරටත් දැක්වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *