ෆේස්බුක් බොරු ප්‍රචාරයට බිය වෙන්න එපා…! අදහස් ප්‍රකාශ කිරීම මූලික අයිතියක්…! නොමිලේ නීති සහාය දෙන්න මම සූදානම්…! – අජිත් පී.

June 7, 2021 at 4:57 pm | by emanisa.lk

සත්‍ය කුමක් ද බොරුව කුමක් ද යන්න තීරණය කිරීමට පොලිසිට නොහැකි බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා පවසයි.

සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය පුවත් නිර්මාණය කරන පිරිස සොයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන ආරම්භ කර ඇති බවට පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ සිදුකළ ප්‍රකාශයකට ප්‍රතිචාර ලෙස ඔහු සිය ෆේස්බුක් පිටුමේ මේ බව පවසා තිබේ.

“සත්‍ය ප්‍රකාශ කරන්න. ඔබ කැමති මාධ්‍යයක් ඒ සඳහා භාවිත කරන්න. සත්‍ය කුමක්ද යන්න තීරණය කරන්න පොලිස් රාළහාමිට බලයක් නැහැ.

අදහස් ප්‍රකාශ කිරීමට ඇති අයිතිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14 වන ව්‍යවස්ථාව මගින් සහතික කළ මුලික අයිතියක්.

ඔබ ජිවත්වන රටේ ආණ්ඩුව වර්ණනා කරන්නත්, විවේචනයටත් ඔබට අයිතියක් තියෙනවා. ඒ අයිතිය උදුරා ගන්න කාටවත් බැහැ.

අදහස් ප්‍රකාශ කිරීම නිසා පොලීසියෙන් හිරිහැර සිදුවනවා නම් අපට දැනුම් දෙන්න. නොමිලයේ නීතිඥ සහාය (Legal Aid ) ලබාදීමට අප සුදානම්.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *