ආගමික හා ජාතික සමගියට බාධා වන පරිදි වෛරීසහගත ප‍්‍රකාශ හා භික්‍ෂුන් වහන්සේට අපහාස වන ප‍්‍රකාශ මුහුණුපොත ඔස්සේ අන්තර්ජාලයට මුදාහැරීමේ චෝදනා යටතේ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ ෆසාල් මොහොමඩ් මිහාර් නමැති ව්‍යාපාරිකයා මේ මස 18 දා දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත් මොහොමඩ් මිහාර් නියෝග කළේය.
ගල්කිස්ස ප‍්‍රදේශයේ සුඛෝපභෝගී නිවසක වෙසෙන ඔහු විසින් පවත්වාගෙන ගිය ව්‍යාපාර රැසක් බිඳවැටී ඇතත්, රිසිසේ මුදල් වැය කරමින් සුඛෝපභෝගීව දිවියක් ගෙවන බැවින් යම් ආයතනයකින් මොහුට මුදල් ලැබෙන්නේ දැයි විමර්ශනයන් සිදු කරන බව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේය.
138 total views, 1 views today