ෆේල් කැබිනට් මණ්ඩලය නිසා රට ම ෆේ්ල් වුණා..! – රාජ්‍ය ඇමැති..

December 31, 2021 at 5:37 am | by emanisa.lk

වත්මන් කැබිනට් මණ්ඩලය අසමත්වීම හේතුවෙන් මුළු රටම අසමත් වී ඇතැයි රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ, අලුත් ගමනක් යා හැකි කැබිනට් මණ්ඩලයක් පත් කරගත යුතු බවය.

“මේ තියෙන කැබිනට් මණ්ඩලය ෆේල් නේ. ඒක ෆේල් වෙනකොට මුළු රටම ෆේල්.

මේ කැබිනට් මණ්ඩලයට ඒ ඒ විෂයන් පිළිබඳව දැනුමක් තියෙන හැඟීමක් තියෙන අයව පත්කර ගන්න ඕනේ.

මේ වෙලාවේ අපි යෝජනා කරන්නේ, අන්න එහෙම පත්කර ගෙන රටේ ඉදිරි ගමනක් යන්න අලුත් වැඩපිළිවෙළක් හදන්න ඕනේ.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *