ෆෙටෝ කියන්නේ ත්‍රස්තවාදීන් නෙමේ තුර්කි ආණ්ඩුව පෙරළන්න හැදූ අහිංසකයෝ! ලංකාවට ආවේ ඒ අහිංසකයෝ කොටසක් වෙන්න ඇති! – ලංකා ආණ්ඩුව

May 2, 2019 at 8:47 pm | by admin

ෆෙටෝ කණ්ඩායම ISIS වැනි ත්‍රස්තවාදී කණ්ඩායමකට සම කළ නොහැකි බවත් ඔවුන් 2016 වසරේ තුර්කි ආණ්ඩුව පෙරළීමට කළ අසාර්ථක කුමන්ත්‍රණයකින් පසු රටෙන් පළා ගිය අය බවත් රාජ්‍ය ආරක්ෂක අංශ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු පවසා තිබේ.

ලංකාවට පැමිණ ඇත්තේ එම පිරිසෙන් කොටසක් විය හැකි බවත් තුර්කි ආණ්ඩුව සහ ෆෙටෝවරු අතර ප්‍රශ්නයක් ඇතැයි ද හෙතෙම පවසයි.

මේ පිරිස පිළිබඳ කිසියම් පියවරක් ගෙන තිබේ දැයි විදේශ කටයුතු අමාත්‍යංශයෙන් විමසූ විට යුරෝපය හා මධ්‍යම ආසියානු අංශ ප්‍රධානී එස්. කේ. සේමසිංහ මහතාගෙන් ඊට ප්‍රතිචාර දැක්වීම ප්‍රතික්ෂේප කළේය.

කෙසේ වුවද තුර්කි රජය තහනම් කර ඇති ෆෙටෝ සාමාජිකයන් 50ක් ශ්‍රී ලංකාවට පැමිණ ඇති බවත් ඔවුන් පිළිබඳ සොයා බලන ලෙසත් තුර්කි ආණ්ඩුව 2016 වසරේ දී ලංකා ආණ්ඩුවට දැනුම් දී තිබේ. ඒ අදාළ පුද්ගලයන්ගේ නම් සහ විදේශ ගමන් බලපත්‍ර අංක සහිතවය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *