ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා සමගි ජන බලවේගයේ සභාපති ධූරයෙන් නෙරපා හැරීමට තීරණය කොට ඇති බවට පළව ඇති පුවත සම්පූර්ණයෙන්ම අසත්‍යයක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.
මෙය සමගි ජන බලවේගය තුළ ගැටුම් ඇති බවට පෙන්වීම සඳහා යම් පිරිසක් විසින් ආරම්භ කොට ඇති මාධ්‍ය මෙහෙයුමක තවත් කොටසක් බවත් හෙතෙම පෙන්වා දී ඇත.
එමෙන්ම මෙම පුවත පක්ෂය දෙකඩ කිරීමේ කුමන්ත්‍රණයක ප්‍රතිපලයක් බව ද සජිත් ප්‍රේමදාස සඳහන් කොට තිබේ.
වසර 30ක් පුරා පැවැති යුද්ධය අවසන් කිරීමට හමුදා නායකත්වය දුන් ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා පක්ෂයට ශක්තියක් බවත්, සමාජ මාධ්‍ය තුළ පළව ඇති පුවත් සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස වැඩි දුරටත් අවධාරණය කරයි.