හිටපු අමාත්‍ය, ස්වාධීන ජනාධිපති අපේක්ෂක ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා ජනහමුවක් අමතන වීඩියෝවක් සහ ඡායාරූප පෙළක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙයි.
මෙම ජන හමුවට සහභාගී වීම සඳහා කිසිදු ආධාරකරුවෙකු සහභාගී වී නොමැති අතර වේදිකාව ඉදිරියේ පුටු පෙළ හිස්ව තිබේ.
සමගි ජන බලවේග හිටපු සභාපති සරත් ෆොන්සේකා සමග වේදිකාවේ ඔහුගේ ආරක්ෂකයන් ඇතුළු කිහිප දෙනෙකු දැකගත හැකිය.
සරත් ෆොන්සේකා යුද හමුදාපතිවරයා සමයේ හමුදා මූලස්ථානය තුළ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල වන අවස්ථාවේ ඔහු ගමන්ගත් මෝටර් රථය ද ලොරි රථයක පටවා ගෙන රැගෙන විත් මෙම රැස්වීම් භූමියේ නවතා තිබිණි.