ෆීල්ඩ් මාර්ෂල්ට අයිසේ කියන්න හිටපු IS කෙනෙකුට බෑ….! මම ගැහුව නම් චමල් තවම දියවන්නාවට උඩින් පාවෙනවා…! – ෆොන්සේකා…

April 9, 2021 at 10:05 pm | by emanisa.lk

මේ රටේ ෆීල්ඩ් මාර්ෂල් වන තමන්ට හිටපු උප පොලිස් පරික්ෂකවරයෙකුට අයිසේ කියා කතා කළ හැකි දැයි පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා ප්‍රශ්න කරයි.

ඊයේ (08) ඇමැති චමල් රාජපක්ෂ සමඟ පාර්ලිමේන්තුවේ ඇති වූ උණුසුම් තත්ත්වය පිළිබඳ අද මාධ්‍ය හමුවකට එකතු වෙමින් අදහස් දක්වමින් ඔහු මේ බව ප්‍රකාශ කළේ ය.

වර්තමාන පොලිස්පතිවරයෙකු පවා තමන්ට චමල් රාජපක්ෂ ඇමතූ ආකාරයට කතා නොකරන බවත් එසේ ඇමතීම නිසා තමන්ට විශාල ලැජ්ජාවක් දැනුණු බවත් ඔහු සඳහන් කරයි.

තමා විපක්ෂයේ සිටිය ද ෆීල්ඩ් මාර්ෂල් බවත් ඒ තනතුර සඳහා ඇමැතිවරයෙකුට හිමි වරප්‍රසාද හිමි විය යුතු බවත් සරත් ෆොන්සේකා පෙන්වා දෙයි.

අවුරුදු 80ක චමල් රාජපක්ෂ තමන්ට ගහ ගැනීමට අභියෝග කළ බවත් එම අභියෝගය භාරගෙන තමා පහර දුන්නේ නම් ඔහු තවමත් දියවන්නාවට උඩින් පියාඹන බවත් මන්ත්‍රීවරයා අවධාරණය කළේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *