ළමුන් මැතිවරණ ප්‍රචාරණයට යොදා ගන්න අයට ඡන්දේ දෙන්න එපා…! – මැකො…

September 11, 2024 at 4:11 pm | by emanisa.lk

ළමුන් මැතිවරණ ප්‍රචාරණ කටයුතුවලට යෙදවීම පිළිබඳ සොයා බැලීම ළමා රක්ෂණ අධිකාරියේ වගකීමක් බව මැතිවරණ කොමසාරිස් ජනරාල්, සමන් ශ්‍රී රත්නායක මහතා පවසයි.

“කරුණාකරලා, පරමාධිපත්‍ය බලය සහ ජනතාවගේ ඡන්දය වෙළෙඳ භාණ්ඩයක් කරගන්නේ නැතුව අනාගත පරම්පරාව, වෙනුවෙන් කටයුතු කිරීම සම්බන්ධයෙන් අපේක්ෂකයින්ගේ වගකීමක් තියෙනවා.

ඒ වගේ ම මේවා දිහා බලාගෙන ඉන්න ඡන්දදායකයින්ටත් වගකීමක් තියෙනවා තමන්ගේ ඡන්දය මොන ආකාරයෙන් ද පාවිච්චි කරන්නේ කියලා හිතන්න.

ළමා ආරක්ෂණ අධිකාරියේ වගකීමක් මැදිහත් වෙලා ඒවා බලන එක. ඒක අමුතුවෙන් මැතිවරණ කොමිසමෙන් මතක් කළ යුතු දෙයක් නෙමෙයි.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *