ළමා ජාවාරම් ස්ත්‍රී දූෂණ චෝදනා නිසා පොහොට්ටුවෙන් පැන්නූ ළිඳුල සභාපති එජාපයට!

March 13, 2019 at 7:49 am | by admin

තලවකැලේ ලිඳුල නගර සභාවේ සභාපති අශෝක සේපාල (ස්වාධින) අද (12) එක්සත් ජාතික පක්ෂයේ සමාජිකත්වය ලබා ගත්තේය.

එක්සත් ජාතික පක්ෂ නායක හා අග්‍රාමාත්‍යය රනිල් වික්‍රමසිංහ අතින් පාර්ලිමේන්තු සංකිර්ණයේ දී අශෝක සේපාලට එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය ලබා ගනු ලැබීය. ඔහු එක්සත් ජාතික පක්ෂයේ ලිදුල කොට්ඨාස සංවිධායකවරයා වශයෙන් ඉදිරියේ දී කටයුතු කිරිමට නියමිතය.

ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේ ජයග්‍රහණය වෙනුවෙන් නුවරඑලිය දිස්ත්‍රික්කයෙන් විශාල මෙහෙවරක් සිදු කල අශෝක සේපාල මහතාට ඉකුත් පළාත් පාලන මැතිවරණයේදි තලවකැලේ ලිඳුල නගර සභාවට තරග කිරිම සඳහා ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණෙන් නාම යෝජනා නොලැබිම නිසා අශෝක සේපාල ස්වාධිනව තරග කර ආසන දෙකක් දිනා ගත් අතර වැඩි ආසන ලබා ජයග්‍රහණය කළ  පොදුජන පෙරමුණ පරදා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරයකු සහ වෙනත් පක්ෂවල මන්ත්‍රී පිරිසකගේ සහයෙන් එම නගර සභාවේ සභාපතිවරයා වශයෙන් තේරි පත්විය.

අශෝක සේපාල මහතා එක්සත් ජාතික පක්ෂයේ සමාජිකත්වය ලබා ගන්නා අවස්ථාවට එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක සහ වැවිලි කර්මාන්ත අමාත්‍යය නවින් දිසානායක මහතා, නුවරඑලිය මහා නගර සභාවේ නගරාධිපති චන්දනලාල් කරුණාරත්න මහතා ඇතුළු තලවකැලේ ලිඳුල නගර සභාවේ එක්සත් ජාතික පක්ෂයේ නාගරික මන්ත්‍රීවරුන් ද සහභාගී වී සිටියහ.

පෝර්ට්මොර් වත්ත ආගරපතන ප්‍රදේශයේදී 2017 වසරේදී වයස අවුරුදු 05ක දැරියක පැහැරගෙන ගොස් මුදලට විකිණූ බවට සහ 24 හැවිරිදි ඇගේ මව දූෂණය කළ බවට ළිදුල නගරාධිපති අශෝක සේපාල ඇතුලු පුද්ගලයින් අට දෙනෙකු රක්ෂිත බන්ධනාගාරගත කෙරුණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස