ළමයි මහණ කිරීම පිළිගන්න බෑ! ඒක තාලිබාන් ළමා මනාලියන් වගේම සාහසිකයි! – මංගල

June 17, 2020 at 10:26 am | by emanisa.lk

ශ්‍රී ලංකාවේ කුඩා දරුවන් පැවිදි කිරීම තලේබාන් සංවිධානය කුඩා දැරියන් ළමා මනාලියන් කිරීම සහ කොටි සංවිධානය ළමා සොල්දාදුවන් බඳවා ගැනීම වැනි ඉතා සාහසික ක්‍රියාවක් බව හිටපු ඇමැති මංගල සමරවීර සඳහන් කරයි.

මෙම ක්‍රියාව දරුවන්ගේ මානව හිමිකම් උල්ලංගනය කිරීමක් බවත් තම ට්විටර් ගිණුමේ ඔහු සටහන් කර ඇත.

සමාජ ජාලාවල හුවමාරු වන මෙරට කුඩා දැරියක පැවිදි කිරීමේ පින්තූර සම්බන්ධයෙන් අදහස් පළ කරමින් ඔහු මෙසේ සඳහන් කරයි.

මෙම සිදුවීම කොටි සංවිධනයේ ළමා සොල්දාදුවන් සහ තලිබාන්වරුන්ගේ ළමා මනාළියන් තරමටම කම්පනයට පත් කරන බවත් එමගින් ඉතා සාහසික ලෙස දරුවන්ගේ අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් සිදු වන බවත් එම සටහනේ දැක්වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස