හෝමාගම පොලිස් සැරයන්වරියකට කොරෝනා! පොලිස් අධිකාරී කාර්යාලයේ සියලු දෙනා නිරෝධායනයට!

July 17, 2020 at 2:00 pm | by emanisa.lk

පොලිස් සැරයන්වරියකට කොරෝනා වෛරසය ආසාදන වී ඇති බව වූ බව තහවුරු වීම නිසා හෝමාගම පොලිස් අධිකාරී කාර්යාලයේ රාජකාරි කරන සියලු නිලධාරීන්ට ස්වයං නිරෝධනයට ලක් වන ලෙස දැනුම් දී තිබේ.

හෝමාගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ජගත් කුමාර විසින් මෙසේ නියෝග ලබා දී ඇත. එම කාර්යාලය රාජකාරි කරන පොලිස් අධිකාරී, සහකාර පොලිස් අධිකාරි කාර්යාලය සහ වංචා විමර්ශන ඒකකයේ සියලු නිලධාරීන්ට ස්වයන් නිරෝධනය වීමට දැනුම් දී ඇත.

එමෙන්ම ආසාදිත සැරයන්වරිය සමඟ සෘජු සබඳතා පැවැත්වූ සියලුම පිරිස් සඳහා ස්වයං නිරෝධයට උපදෙස් ලබා දී ඇත. ඔවුන් සියලු දෙනා සඳහා කොරෝනා පරීක්ෂණ අද දිනයේ සිදුකිරීමට නියමිතය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස