හොරු එළවන අරගලේ නීතීඥ සංගමයට හොරු පනිති.. දූෂණ මඩින්න දුන් මිලියන 24ක් හොරා කාලා…!

June 3, 2024 at 3:53 pm | by emanisa.lk

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති කෞෂල්‍ය නවරත්න ඇතුළු නිලධාරී මණ්ඩලයට රු. මිලියන 24ක වංච පිරිසක් මූල්‍ය වංචා සිදුකර ඇතැයි චෝදනා එල්ල වෙයි.

ජපානයේ ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිතායතනය හෙවත් “ජයිකා” (JICA) ආයතනය දූෂණ මර්දන ව්‍යාපෘතියක් සඳහා 2023 වසරේ අවසන් භාගයේ ලංසු කැඳවා තිබූ අතර ඊට ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඉදිරිපත් වීමෙන් පසු රුපියල් මිලියන 24ක අරමුදලක් එම සංගමයට ලැබී තිබිණි.

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති ජනාධිපති නීතිඥ කෞශල්‍ය නවරත්න, උප සභාපති නලින්ද ඉන්දතිස්ස, ජනාධිපති නීතිඥ ශවින්ද්‍ර ප්‍රනාන්දු, නීතිඥ නුවන් ඩි අල්විස් සහ නීතිඥ රෂ්මිනි ඉන්ද්‍රතිස්ස විසින් එම මුදල කිසිදු විනිවිදභාවයකින් තොරව බෙදාගත් බවට චෝදනා එල්ල වෙයි.

මේ පිළිබඳ විමර්ශනය සඳහා නීතීඥ කමිටුවක් පත් කර ඇති අතර පෙර කී සියලු නිලධාරීන්ට දින 10ක් ඇතුළත ඉල්ලා අස්විය යුතු බවට යෝජනාවක් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණ නීතිඥ සංගමය සහ කොළඹ නීතිඥ සංගමය සම්මත කර ගෙන ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *