හොරා කෑ සල්ලි රටට ගෙනෙනු…! රු. 10 000කින් පඩි වැඩි කරනු…! පඩි වැඩි කරන තුරු රට පුරා විරෝධතා…! – ලාල්කාන්ත…

October 29, 2021 at 3:43 pm | by emanisa.lk

එළඹෙන අයවැයේ දී රාජ්‍ය සහ පෞද්ගලික අංශ සේවකයින්ට රුපියල් 10,000ක වැටුප් වැඩිවීමක් ලබාදිය යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික, ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සභාපති කේ.ඩී. ලාල්කාන්ත පවසයි.

එම මධ්‍යස්ථානය ඊයේ (28) කැඳවා තිබූ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය.

“අපිට ආණ්ඩුවට කියන්න අවශ්‍යයි ඉදිරියේ දී එන අයවැයේ දී අපිට රු 10,000ක වැටුප් වැඩිවීමක් අවශ්‍යයි. හරි නිශ්චිතයි කාරණය. රාජ්‍ය අංශයට, පෞද්ගලික අංශයටත් වතු ක්ෂේත්‍රයේ වැඩකරන ජනතාවට මේ රු 10,000 වැටුප් වැඩිවීම අත්‍යවශ්‍යයි. ඒ වගේ ම දැනට වැඩ නොකරන එහෙත් විශ්‍රාමයෙන් තමන්ගේ ජීවිත ගැට ගසා ගන්න විශ්‍රාමිකයින්ටත් මේ වැටුප් වැඩිවීම අත්‍යාවශ්‍යයි.

මෙතැනින් ඉදිරියට අයවැය දක්වා ම අපිට රු10,000 ලැබෙනවා කියලා සහතින වෙනකල් ම අඛණ්ඩ විරෝධතා ව්‍යාපාරයක් රට පුරා ම ගෙනියන්න තීරණය කරලා තියෙනවා. හොරකම් කරලා තියෙන ඒවා ගෙනල්ලා හරි, තමන් විවිධ ක්‍රමවලට එකතු කර ගත්ත ධනය දේපළ ඒවා රජයට පවරා ගෙන හරි ඉතිරි අවුරුදු 2,3,4 බලයේ ඉන්න ඕනේ නම් පාලකයන්ට අනිවාර්යයෙන් සිදුවෙනවා මේ ඉල්ලීම් ඉටුකරන්න.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *