රවී මංගලට එල්ල කළ චෝදනා සනාථයි! වසර දෙකට බාර් ලයිසන් 84ක් දීලා! චූදිත මංගල විනිසුරු වී නල්ල මලේ පරීක්ෂණයකුත් අරඹයි!

September 16, 2019 at 12:56 pm | by emanisa.lk

විෂය භාර ඇමතිවරයා ලෙස තමාගේ අනුදැනුමක් නොමැතිව සුරාසැල් බලපත්‍ර 84ක් නිකුත් කළේ කෙසේ ද යන්න පිළිබඳ ඇමති මංගල සමරවීර සුරාබදු කොමසාරිස්වරයාගෙන් නිදහසට කරුණු විමසා ඇතැයි අද (16) Ceylon Today පුවත්පත වාර්තා කරයි. ඒ 2017 වසරේ බලපත්‍ර 10ක් සහ 2018 වසරේ බලපත්‍ර 74ක් වශයෙනි.

එතනෝල්, මත්කුඩු ජාවාරම් පිළිබඳ රාජපක්ෂ ආණ්ඩුවේ ඇතැම් පාර්ශව වෙත චෝදනා කරමින් ඒ මතින් බලයට පත් වූ යහපාලන ආණ්ඩුව දිගින් දිගටම සිය දේශපාලන හිතවතුන්ට සුරාසල් බලපත්‍ර ලබා දෙන බවට පසුගිය සමයේ දිගින් දිගටම චෝදනා එල්ල විය.
ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්තිවලට ද පයින් ගසා ඇමති මංගල, සජිත් පාර්ශවයට සහාය ලබා ගැනීමට අල්ලස් ලෙස එජාප මන්ත්‍රි පිරිසකට සුරාසැල් බලපත්‍ර නිකුත් කරන බවට සති කිහිපයකට පෙර ජනාධිපතිවරයා වෙත කැබිනට් හමුවක දී පැමිණිලි කර තිබුණේ ඇමති රවී කරුණානායකය.

එහෙත් මේ කිසිවක් නෑසූ කන්ව සිටි ඇමති මංගල හදිසියේ ඇහැරී වහාම පරීක්ෂණයක් පැවැත්වීමට කටයුතු කළේ ඇයි ද යන්න පිළිබඳ බොහෝ දෙනා අතර විමතියක් හට ගෙන තිබේ.

කාන්තාවන්ට සුරාසැලකින් අරක්කු ලබා ගැනීමට අයිතියක් ඇතැයි පවසා එම අයිතිිය ලබා දීමට රටේ නීතිය වෙනස් කිරීමට පවා සූදානම් වූ මංගල සමරවීර හදිසියේ කඩි කුලප්පුව හැදී ආතක් පාතක් නැතිව දඟලන්නේ සිය ලේකම්වරයකු මාර්ගයෙන් මිලියන ගණන් මුදල් වංචා කරමින් ඉතාම සූක්ෂ්ම ලෙස සිදුකළ සුරාසල් බලපත්‍ර වංචාව හෙළි වීම නිසා බව තතු දත් ආරංචි මාර්ග පවසයි. රජයට කෝටි ප්‍රකෝටි ගණන් පාඩු සිදුකරමින් වංචා කරන මෙම කළු සල්ලි එජාප ජනාධිපතිවරණ ප්‍රචාරක දැන්වීම් ලෙස නුදුරේදීම මුද්‍රිත සහ විද්‍යුත් නාළිකා ඔස්සේ දොරට වඩිනු ඇත.

රටේ බලපවත්වන සුරාබදු පනත අනුව ඇමතිවරයාගේ ලිඛිත අනුමැතිය සහ දැනුම්වත්භාවය නොමැති මේ ආකාරයට සුරාසල් බලපත්‍ර නිකුත් කළ නොහැකිය. එහෙත් දැන් ඇමතිවරයා උත්සාහ කරන්නේ මේ දැවැන්ත වංචාව තමාගේ අනුදැනුමක් නොමැතිව සිදු වූ බව ලෝකයට අඟවා නිදහස් වීමටය. සිය දේශපාලන බලයේ ආනුභාවයෙන් සුරාබදු කොමසාරිස්වරයා හෝ වෙන පුද්ගලයකු බිල්ලට දී දෑත් පිසදා ගැනීමටය.

මේ වනාහි දැවැන්ත මහ බැංකු වංචාව සිදුකර එහි වරද මහ බැංකු අධිපතිවරයා මට පටවා නිදහස් වීමට එවක මහ බැංකුව සිය අමාත්‍යංශය යටතේ පාලනය කළ අගමැතිවරයා අනුගමනය කළ එජාපයේ සුපුරුදු උපක්‍රමය ම බව දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති. මහ බැංකුව කඩා අනතුරුව එජාපයෙන් මහ බැංකු වංචාව පිළිබඳ කමිටුවක් පත්කර එවැනි කිසිදු වංචාවක් සිදුව නොමැති බව ද ප්‍රකාශ කළේය. ඒ අතර එක්තරා රැයක බැඳුම්කර බෑනා විසින් අගමැතිවරයා වෙත සල්ලි ගෝනියක් සිය නිවසටම ගෙනැවිත් දුන් බව පසුගියදා මාධ්‍ය හෙළි කර තිබිණි.

මේ සැරසෙන්නේ ද එවැනිම කුමන්ත්‍රණයකට බවට බොහෝ පාර්ශව අනාවැකි පළ කරති. රේගු අධ්‍යක්ෂ ජනරාල් පී.එස්.එම්.චාර්ල්ස් ඉවත් කිරීමට උත්සාහ කළේ ද ඇමතිවරයාගේ පෙර කී කුප්‍රකට ලේකම්වරයාගේ කරුංකා සහ ගම්මිරිස් ප්‍රති-අපනයන ජාවාරමට ඈ බාධකයක් වූ නිසාය. රේගු වෘත්තීය සමිති එක පෙළට ඊට එරෙහිව නැඟී නොසිටින්නට නීතියට වැඩ කළ චාල්ස් අද අමාත්‍යංශ ෆූල් එකේය. ඒ ඇමති මංගල, සුරාසල් බලපත්‍ර පිළිබඳ සිදුකරන නල්ල මලේ කඩිනම් පරීක්ෂණවල ඊළඟ පියවර සුරාබදු කොමසාරිස් ඉවත් කිරීම විය හැකිය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස