හිටපු ජනාධිපතිනි චන්ද්රිකා බණ්ඩාරනායක රැඳී සිටින හොරගොල්ල වළව්වට ඇතුළු වූ සොරුන් සොරකම් කර ඇති භාණ්ඩ මොනවා ද යන්න මේ වන විට හෙළිදරව් වී ඇත.
ඒ අනුව දැනට වාර්තා වන ආකාරයට පහළ මාලයේ ශීතකරණයේ තිබී ඇති වයින් බෝතල් 3ක් සොරා ගෙන ගොස් ඇති බව ඒ පිළිබද පරීක්ෂණ පවත්වන පොලිස් කණ්ඩායම් අනාවරණය කරයි.
නිල සුනඛයන් යොදවා සිදු කළ පරීක්ෂණවල දී අසල වත්තක තිබී එම හිස් වයින් බෝතල් සොයා ගෙන ඇති බව ද වාර්තා වේ.