හොරකම් කරන්න කලින් දෙපාරක් හිතන්න…! ඊළඟට එන්නේ ජනපති සජිත් ආරක්ෂක ඇමැති ෆොන්සේකා ආණ්ඩුවක්..! – මරික්කාර්….

September 28, 2022 at 7:39 am | by emanisa.lk

‘ඊළගට එන්නෙ ප්‍රේමදාස ආණ්ඩුවක්ග ආරක්ෂක ඇමති වෙන්නේ ෆොන්සේකා’ යයි සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත‍්‍රී එස්.එම්. මරික්කාර් පවසයි.

මන්ත‍්‍රීවරයා පාර්ලිමේන්තුවේ දී මෙම අදහස් පල කලේය.

නොරොච්චෝලේ ගල් අගුරු බලාගාරයේ තුන්වන බලාගාරයත් ඇණහිටලා තියෙනවා. විශේෂයෙන්ම අපි දන්නවා පහුගිය දවස් වල නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයට ගල් අඟුරු ගෙන්වීමේ ටෙන්ඩරය පිළිබඳ සමාජයේ විශාල ආන්දෝලනාත්මක තත්ත්වයක් ඇති වුණා. අර්බුද කළමනාකරණය මුවාවෙන් කොමිස් ගහනවා කියලා කතාවක් ඇති වුණා. ඒ හරහා මේ ටෙන්ඩරයක අහෝසි කරන්න සිදු වුණා. අපි දන්නවා ලංකාවේ විදුලිය නිෂ්පාදනයෙන් 40%ක විතර වෙන්නේ නොරොච්චෝලේ ගල් අගුරු බලාගාරයෙන්. අද වෙද්දි මේකට ගල්අඟුරු එන ක්‍රමයක් නැහැ. ඇමතිතුමා කියනවා පහුගිය අවුරුද්දේ ඇනවුම්වලින් ඉතුරු වෙලා තියෙන නැව් 21ක ගල් අඟුරු ගෙන්නන්න පුළුවන් කියලා. ගෙන්නන්න බෑ. සල්ලි නෑ. මොකද හේතුව අපිත් පහුගිය සතිය වල දැක්කා ගෙනාපු නැව් හතරක් මහ මුහුදේ තියාගෙන ඉන්න වුණා ප්‍රමාද ගාස්තු ගෙව ගෙවා ඒවට සල්ලි ගෙවා ගන්න බැරුව.

ගිය අවුරුද්දේ ඇනවුම් කරපු ඒවා තවම ගෙනාවේ නැත්තේ ඇයි කියන එක තමයි පලවෙනි ප්‍රශ්නය. එහෙම ඕඩර් කරලා තිබෙන ගෙනාවෙ නැතුව, මේ වගේ අර්බුදයක් ආවහම, බලාගාරය අක්‍රිය උනහම, විදුලිය කපන පැය ගාන වැඩි උනහම, ඉදිරියේ දී පැය අටක් දහයක් දක්වා විදුලි කපන්න වෙනවා කියලා වෘත්තීය සමිති ප්‍රකාශකරන වෙලාවක මේ ලෑස්ති වෙන්නේ හදිසි මිලදීගැනීම් spot buying කියලා තව ගානක් ගහන්න ද කියලා අපිට සැකයක් තියෙනවා. මොකද මේ වැඩේම ගෑස් වලටත් කෙරුවා.

මේ වෙනකොට මහජන උපයෝගීතා කොමිසමේ සභාපතිවරයා කියනවා ලංකාවට ගෙනල්ල තියෙන මේ තෙල්වල කොලිටි එක පිළිබඳව ප්‍රශ්නයක් තියෙනවා කියලා. වැඩිපුර නිෂ්පාදනය වෙන්නේ ෆර්නස් ඔයිල් කියලා.එතකොට මේ quality කොලිටි එක පිළිබඳව ප්‍රශ්නයක් තියෙන එක වෙනම ප්‍රශ්නයක්. ඒකට අදාල මුදල් ගෙව්වේ කොයි විදියට ද. a quality එක check කරලා ද ගෙනාවෙ. චෙක් කරන් නැතුවද ගෙනාවේ? ඒ ගෙනල්ල චෙක් කරද්දී quality එක අඩු නම් ඒකට මොනවද කරලා තියෙන්නේ කියන එක පිළිබඳව මං හිතන්නේ උත්තර දෙන්න ඕන. මහජන උපයෝගීතා කොමිසමේ සභාපති වරයා මේ වගේ සාම්පල් පිළිබඳ රටට හෙලිදරව් කරනකොට ඔහුට නීති මාර්ගයෙන් උත්තර දෙනවා දෙනව කියල හරියන්නෙ නෑ. මේ රටේ මහජනතාවට වගකියන්න ඕන. මොකද මේ වැය කරන හැම ඩොලරයක් ම අනිවාර්යයෙන්ම මහජනතාවගේ බදු මුදල් වලින් වැය කරන්නේ. අනිත් එක මිනිස්සු ණයට තෙල් ගහන්නෙත් නැහැ. ඒ නිසා කරුණාකරලා අපි විදුලිබල ඇමති තුමාට කියන්න කැමතියි මේ නිකම් බයිලා නං ගහන්න එපා. ඔබතුමා මොන දේ කරන්න හැදුවත් ,ඔබතුමාගේ ක්‍රියාපටිපාටිය මොනතරම් විනිවිදභාවයෙන් තියාගන්න හැදුවත් , මේ සිස්ටම් එක තුළ විශාල අපරාධයක් සිදුවන බව තමයි අපිට කියන්න තියෙන්නේ. ඒ නිසා ෆර්නස් ඔයිල් නම් වැඩිපුර නිෂ්පාදනය වෙන්නේ ගේන තෙල් වලින් , ඒ වගේම ගල් අඟුරු නැතුව spot buying වලින් නම් ගන්න වෙන්නේ , ඒක තුළ ජාවාරමක් සිදු වෙන එක වලක්වා ගන්න බැහැ.

දැන් ඛනිජ තෙල් සංස්ථාවේ ටෙන්ඩර් වලට අවම සති 6ක කාලයක් දෙනවද? ඒ කාලය නොදීම නිසා කොච්චර ප්‍රිමියම් එකක් ගෙවන්න වෙලා තියනවද? එතකොට spot buying වලට ගිහාම කොච්චර වැඩිපුර මුදලක් ගෙවන්න වෙනවද? කියන එක ඇමතිවරයා තේරුම් කරලා දෙන්න ඕන. ඒ නිසා අපි පැහැදිලිව කියනවා ඔබතුමා නිවැරදි නම් අර්බුද කළමනාකරණය මුවාවෙන් කවුරු හරි හොරකම් කරන්න උත්සාහ කරනවා නම් ඒකට ඉඩ දෙන්න එපා. ඒක රටට හෙළිදරව් කරන්න. මේ රටේ ජනතාව බදු මුදල් වලින් වියදම් කරන ඒවත් හොරා කාලා, අන්තිමේදී බාල තෙලූත් අරගෙන , ඊට පස්සේ පැය හත අටක් කරන්ට් එකත් නැති වෙන තත්වයක් නිර්මාණය කරලා ඒකෙන් හොරා කන කට්ටියට නම් හෙන ගහන්න ඕන කියලා තමයි මම කියන්නෙ. මොකද මේ spot buying සෙල්ලම තමයි අලුත්ම සූදුව.

මේකම උනා gas වලටත්. දැන් ජුනි මාසේ මෙට්‍රික් ටොන් 15000ක් ඕඩර් කළා. සතියෙන් ගන්න කියනවා. පෝලිම ඉවරකරන්න ලක්ෂයක් ඕන කියනවා. එතකොට spot buying වලට සාධාරණ හේතුවක් විදිහට පෙන්නන්නෙ ඉක්මනට පෝලිම ඉවර වෙන්න ඕන කියලා. එතකොට ජනතාවත් හිතනවා තමන් පෝලිමේ ඉන්නැතුව වැඩි ගානට හරි ගෑස් හම්බෙනවා නම් හොඳයි කියලා. නමුත් ජනතාවට අවබෝධයක් නෑ මේකෙන් කවුද කොහොමද හොරා කන්නෙ කියලා .

මේ වෙනකොට අර මෙට්‍රික් ටොන් ලක්ෂයක ගෑස් ඕඩර් කලා. ඒ පිළිබඳව අපි කෝප් කාරක සභාවේ දී කරුණු විමසීම් කළා. එතනදී බොහෝ කරුණු සනාථ වුණා. ඊට පස්සේ මේ වෙනකොට දැන් මෙට්‍රික් ටොන් දෙලක්ෂ අසූ දාහක් ගෑස් ගෙන්නන්න ටෙන්ඩරයක් දාලා තියෙනවා. මේ ටෙන්ඩර් එක award කරන්නේ නැහැ. මේ ටෙන්ඩර් එකේ තාක්ෂණික කාරණා හොය හොයා ඉන්නවා. මොකද වෙන්නේ අර ලක්ෂය මේ ඔක්තෝම්බර් මාසයෙන් පස්සේ ඉවරයි. මේ ටෙන්ඩර් එක award කරල අඩුම ලංසු ලාබී සමාගමට නියමිත කාලයක් දෙන්න ඕන. එහෙම නොවුණොත් ඔක්තෝම්බර් මාසයේ අග දී ලංකාවට ගෑස් එන ප්‍රමාණය නතර වෙනවා. නැවත gas නැති වෙනවා නැවත පෝලිං එනවා එතකොට කියනවා අපිට පෝලිම නැති කරන්න හදසි මිලදී ගැනීම්වලට යන්න ඕන කියලා. එතකොට ඒ වෙද්දී ඒවට ලෑස්ති වෙච්ච සමාගම් ඔවුන්ගේ ලොකු නැව් මුහුදේ ගාල් කරලා තියෙනවා. ඊට පස්සේ ලංකාවේ බෝයාවන් ඇතුලට එන්න පුළුවන් පොඩි නැව් ටිකත් පාක් කරල තියෙනවා. අද ඉල්ලුවොත් හෙට දෙන්න පුළුවන්. මෙන්න මේ විදිහට තමයි මේ ගනුදෙනු වෙන්නේ.

ඒ නිසා නැවත වතාවක් අපි මේ කණ්ඩායමට කියන්න කැමතියි. තමුන්නාන්සේලා දැක්කා අරගලයක් ආවේ පෞද්ගලික හේතු නිසා නෙවෙයි. අරගලයක් ආවේ මිනිස්සුන්ට කන්න නැති හින්දා. මිනිසුන්ගේ සල්ලි හොරා කන හින්දා.ලමයින්ට කිරි ටික නැති හින්දා, කරන්ට් කපන හින්දා.ගෑස් නැති හින්දා. ඒ අරගල ආවෙ මානුෂික හේතුන් මත. ඒ නිසා තමුන්නාන්සේලා තවදුරටත් මහජනතාවගේ බදු මුදල් හොරා කන එක නවත්වන්න. මිනිසුන්ගේ ජීවිත එක්ක දරුවන්ගෙ අනාගතය එක්ක සෙල්ලම් කරන එක නවත්වන්න. පාර්ලිමේන්තුවට ඇවිල්ලා බයිලා කිය කිය ඉන්න එපා. සෞඛ්‍ය ඇමති කියනවා ත්‍රිපෝෂවල වස නැහැ කියලා එක දවසකදි . ඊළගට ඇවිල්ල කියනවා ඇෆ්ල ටොක්සීන් තියෙනවා කියලා පිළිගන්නවාලු. එතකොට මොකක්ද ඒකෙ තේරුම ආණ්ඩුව හිතනවනම් ආණ්ඩුවේ වැරදි පෙන්වල දෙන ඒවා විවේචනය කරන ඒවා මර්දනයෙන් නතර කරන්න පුළුවන් කියලා , එහෙම වෙලා නෑ ලෝකෙ කොහෙවත්.

අලුත්ම එක තමයි මන්දපෝෂණය ගැන කරුණු කියනකොට, ළමයි කන්න කන්න නැතුව හාමතේ ඉඳලා, තුන්වේලම කන්න නැතුව ඉඳලා කලන්තේ දාලා වැටිල මාධ්‍යයට කිවුවහම, අලුත්ම සෙල්ලම තමයි ඇමතිවරු යනවා පිරිවරාගෙන බලන්න මන්දපෝෂණය තියෙන කට්ටිය. ගිහිල්ලා ඇමතිගෙ වටේ ඉන්න කට්ටිය තග දානවා. ඇමතිට තේරෙනවා ඇමති ගානට බැලන්ස් එක දානවා. එතකොට අහන්නේ අර වැඩසටහනෙන් මෙච්චර හම්බ උනේ නැද්ද අරකෙන් මෙච්චර හම්බ උන් නැද්ද කියලා. මම නං හිතන්නෙ නෑ කවුරුවත් තමන්ගේ ආත්ම ගෞරවය පරදුවට තියලා කන්න තියාගෙන අපිට කන්න නෑ කියලා කියයි කියලා. මොකද මිනිස්සු ජීවිතේ අංක එක දෙනවා බඩගින්නට වගේම තමන්ගේ ආත්ම ගරුත්වයට. ආණ්ඩුවට අපි පැහැදිලිව කියන්නෙත් තග දාලා මේවා නවත්තන්න ලෑස්ති වෙන්න එපා.

රනිල් වික්‍රමසිංහට තව අවුරුදු දෙකක් වත් නෑ. 2024 අගෝස්තු මාසේ මුල් සතියේම ජනාධිපතිවරණය කැඳවන්න ඕන . ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා ඊයේ චන්ඩි ටෝක් එකක් දීලා තියෙනවා. එයාගේ සීයත් ටෝක් දැම්මා තාත්තාත් ටෝක් දැම්මා. එයත් දාන්න. හැබැයි ආණ්ඩුව මාරු උනහම වැරදි නියෝග දුන්න අයයි, ඒ වගේම වැරදි නියෝග පිළිපැද්ද අයයි දෙගොල්ලොන්ටම ඒවට මුහුණ දෙන්න වෙයි කියන එක මතක් කරන්න කැමතියි. මොකද ඊගාව පාර දක්ෂිණාංශික කඳවුරෙන් එන්නේ ඩී.ඒ. රාජපක්ෂලාගේ ආණ්ඩුවක් නෙමෙයි. රනිල් රාජපක්ෂ වගේ ඩීල් දාන ආණ්ඩුවකුත් නෙමෙයි. එන්නෙ ප්‍රේමදාස ආණ්ඩුවක්. ආරක්ෂක ඇමති වෙන්නේ ෆොන්සේකා. ඒ එන ආණ්ඩුවට වගකීමක් තියෙනවා යුක්තිය නීතිය සාධාරණත්වය අනුව ක්‍රියාත්මක වෙන එක. ඒ වගේම හොරු අල්ලන එක. ජනතාවගෙන් හොරාකාපු දේපල ටික නැවත පවර ගන්න එක. ඒ නිසා ඩීල් නැති ආණ්ඩුවක් යද්දි වැරදි නියෝග දුන්න අයත්, ඒවා ක්‍රියාත්මක කරපු අයටත් දෙගොල්ලොන්ටම මුහුණ දෙන්න බෑ කියන එක අපි පැහැදිලිව කියන්න කැමතියි. හොරකම් කරන්න කලින් දෙපාරක් කල්පනා කරන්න. යුක්තිය සාධාරණත්වය අනුව ස්වභාධර්මය අනුව දඬුවම් ලැබෙයි, පනුවෝ ගහල මැරෙයි. ඒ එක පැත්තක්. ඊගාවට නීත්‍යානුකූලව විමර්ශනය කරලා නීත්‍යානුකූල දඬුවම් ලැබිලා සදා කාලෙට හිරගෙට යන්නත් වෙයි. ඒ නිසා හොරකම් කරන එක නවත්වන්න කියලා අපි ඉල්ලා සිටිනවා .

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස