හොම්බෙන් යන තෙල් සංස්ථාව බෝනස් ගෙවන්න කෝටි 100ක ණයක් ඉල්ලයි…!

December 28, 2024 at 7:29 pm | by emanisa.lk

පාඩු ලබන ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව රුපියල් කෝටි සියයකට අධික මුදලක් ණයට ගෙන සේවකයන්ට බෝනස් ගෙවීමට සූදානම් වන බව එහි අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.

ඒ සඳහා වන යෝජනාව එහි අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතියට ඉදිරිපත් කිරීමට සූදානම් බව ද වාර්තා වෙයි.

එම බෝනස් සහ ලබන වසරේ සංස්ථාවේ වියදම් සඳහා ලංකා බැංකුවෙන් රු. කෝටි දස දහසක ණයක් ලබා ගැනීමට සූදානම් බවත් සඳහන් වෙයි.

මෙම තොරතුරු සත්‍ය බව ඛනිජ තෙල් සංස්ථාවේ සභාපති මොහොමඩ් උවයිස් තහවුරු කර තිබේ.

ඛනිජ තෙල් සංස්ථාව 2020 වසරේ දී රුපියල් කෝටි 5580ක දළ ලාභයක් උපයා ඇති අතර 2021 වසරේ පාඩුව රු. කෝටි 1855ක් බව ද විගණන වාර්තාවල සඳහන් වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *