හොඳට තිබ්බ ආර්ථිකය විනාශ කළේ විපක්ෂය…! ජනතාව පීඩාවට පත් වුණේ ඒ නිසයි…! – බන්දුල…

November 8, 2021 at 8:54 am | by emanisa.lk

හොඳට තිබුණු ආර්ථිකය සම්පූර්ණයෙන් විනාශ කළේ විපක්ෂයේ දැන් සිටින අය ආණ්ඩු කළ සමයේ බවත් ජනතාව දැන් විඳින අමාරුකම් මේ තත්ත්වයට උග්‍ර වූයේ ඔවුන් නිසා බවත් වෙළඳ අමාත්‍ය බන්ධුල ගුණවර්ධන පවසයි.

ප්‍රශ්නය – ජනතාවට පීඩාවට පත්වෙලා තියෙනවා, සතොසට ගිහිල්ලා තවත් භාණ්ඩ මිලදී ගන්න කිව්වාට එව්වා මිල දී ගන්න සල්ලි නැහැ කියලා …

“ඒ පීඩාවට පත්වුණත් එක දවසනෙ. සදාකාලිකව පීඩාවට වෙන එකද හොඳ, එක දවසක් ඒ ගැන සමස්ත රටේ අවධානයට ලක්වෙන එක ද හොඳ?”

ප්‍රශ්නය – නමුත් විපක්ෂයෙන් චෝදනා කරන්නෙ කොරෝනා ….

“නෑ ඉතිං විපක්ෂය කළ විනාශයේ ප්‍රතිඵලය නෙ මේ. නැත්නම් හොඳට තිබුණු ආර්ථිකය, කෘෂිකර්මාන්තය, කර්මාන්ත, සේවා සියල්ල ම සම්පූර්ණයෙන්ම විනාශ කරලා තිබුණායින් තමයි මේ අමාරුව වැඩිවෙලා තියෙන්නෙ”

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (07) අත්තනගල්ල ප්‍රදේශයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *