හේෂා විතානගේ ඉල්ලා අස්වෙයි…! සජබ ලේකම්ට චෝදනාත්මක ලිපියක්..!

December 17, 2022 at 6:33 pm | by emanisa.lk

සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ එම පක්ෂයේ සහකාර ලේකම් ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

එම ඉල්ලා අස්වීමේ ලිපිය පක්ෂයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර වෙත භාර දී තිබේ.

එක්සත් ජාතික පක්ෂයේ ඇති දුර්වලතා අනුමත නොකරමින් තමන් සමගි ජන බලවේගයට එකතු වුව ද එම පක්ෂයේ අන්තර්ගතය එජාපයට වඩා වෙනස් නැති බව ඔහු පවසා තිබේ.

ක්‍රියාකාරී තරුණයන්ගෙන් දක්ෂතා හා සුදුසුකම්වලට පක්ෂය තුළ තැනක් නොලැබෙන බැවින් තමන් තනතුරෙන් ඉල්ලා අස්වීමට තීරණය කළ බව ද ඔහු සඳහන් කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *