මත් ජාවාරමුන්ට කිසි බුරුලක් නෑ! හෙරොයින් සමග පොහොට්ටු මන්ත්‍රීත් අත්අඩංගුවට!

September 26, 2020 at 3:13 pm | by emanisa.lk

හෙරොයින් මත්ද්‍රව්‍ය සමඟ ඉපලෝගම ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු සහ තවත් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිසිය සහ හමුදා බුද්ධි අංශ එක්ව සිදුකළ වැටලීමකදී ඔවුන් සතුව තිබී හෙරොයින් ග‍්‍රෑම් 03. 65 කට ආසන්න ප්‍රමාණයක් සොයාගෙන ඇත.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ඉපලෝගම ප‍්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මන්ත්‍රීවරයෙකි.

සැකකරුරවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස