හෙද වැටුප් වැඩි කළොත් අපි වර්ජනයකට යනවා….! – වෛද්‍ය සංගමයෙන් අනතුරු ඇඟවීමක්….

July 6, 2021 at 9:41 pm | by emanisa.lk

හෙද ඉල්ලීම් ජාතික වැටුප් කොමිසමට යොමුකර ජාතික වැටුප් ප්‍රතිපත්තිය මත තීන්දු තීරණ ගත යුතු යැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

එසේ කිරීමට රජය අපොහොසත් වුවහොත් අකමැත්තෙන් හෝ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට යොමු වීමට සිදුවන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය සෙනාල් ප්‍රනාන්දු පවසයි.

ජාතික වැටුප් ප්‍රතිපත්තියට පිටුපා අත්තනෝමතික ලෙස සෘජුව ම කැබිනට් අනුමැතිය ලබා ගැනීමට උත්සහ කිරීම තුළින් මුළු රාජ්‍ය සේවය ම අර්බුදයකට ලක්වන බව ද ඔහු පැවසීය.

යම් කණ්ඩායමකට වැටුප් ගැටළු ඇත්නම් ඔවුන් යා යුත්තේ ජාතික වැටුප් කොමිසමට බව ද වෛද්‍ය සෙනාල් ප්‍රනාන්දු අවධාරණය කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස