හෙදියකගේ නොසැලකිල්ලෙන් ජීවිත අවදානමක්….! කොවිඩ් එන්නත දෙවරක් විද කතක් රෝහලේ….!

July 22, 2021 at 11:19 am | by emanisa.lk

පේරාදෙණිය ඔගස්ටාවත්තේ සිව්දරු මවකට උඩපේරාදෙණිය යොවුන් සේනාංක මධ්‍යස්ථානයේ දී කොරෝනා මර්දන මොඩර්නා එන්නත එක ම දින දෙවතාවක් ලබා දීම හේතුවෙන් රෝගී වී පේරාදෙණිය ශික්ෂණ රෝහලේ හදිසි ප්‍රථිකාර ඵ්කකයට ඇතුළත් කර තිබේ.

ඇගේ ස්වාමියා මේ සම්බන්ධයෙන් පැමිණිල්ලක් කර ඇතැයි පේරාදෙණිය පොලිස්ථානයෙන් අප කළ විමසුමකදී ඵහි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවසීය.

ගඟවට කෝරලයේ සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාල මඟින් මෙම ඵන්නත් ලබාදීමේ ක්‍රියාවලියේ දී ඵක ම හෙදියක විසින් කිසිදු වගවිභාගයකින් තොරව තම බිරියට මෙසේ එකවර ඵන්නත් දෙකක් ලබාදීමෙන් අනතුරුව රෝගීවීමෙන් පසු ඵහි හදිසි වෛද්‍ය ප්‍රථිකාර ඒකකයෙන් ප්‍රතිකාර ලබාදී ඉන් පසුව තම බිරිය නිවසට කැඳවාගෙන යන ලෙසට තමාට උපදෙස් දුන් බවද ඵම කාන්තාවගේ සැමියා වසන්ත ජයසංහ පවසයි.

ඵදින රාත්‍රියේ එම කාන්තාවගේ රෝගී තත්ත්වය නැවත උත්සන්න වීමෙන් අනතුරුව ප්‍රථිකාර සඳහා වහා පේරාදෙණිය ශික්ෂණ රෝහලට ඇතුලත් කොට රෝහලෙන් ලැබුණු උපදෙස් මත තමා පේරාදෙණිය පොලීසියට පැමිණිල්ලක් කළ බව ද වසන්ත ජයසිංහ වැඩිදුරටත් පැවසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *