හෙට විශ්වාසභංගයේ තීන්දුව අද ම එයි…! පරාජය විපක්ෂයේ නළලේ කොටයි …!

July 18, 2021 at 7:55 pm | by emanisa.lk

බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිලට එරෙහිව ඉදිරිපත්ව ඇති විශ්වාසභංග යෝජනාව හෙට (19) සහ අනිත්දා විවාදයට ගැනීමට නියමිත ය.

එය පරාජයට පත් කිරීම සඳහා ආණ්ඩු පක්ෂයේ සියලු ම පක්ෂ නායකයන් සහ මන්ත්‍රීවරුන් ජන්දය භාවිත කළ යුතු බවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අවධාරණය කර තිබේ.

මෙම තීන්දුව අද සන්ධ්‍යාවේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායමට දැනුම් දීමට නියමිතව තිබිණි.

ආණ්ඩු පක්ෂ මන්ත්‍රී හමුව ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති මන්දිරයේ දී මේ වන විට ආරම්භ වී තිබේ.

ශ්‍රීලනිපය මේ වන විටත් අදාළ විශ්වාසභංගයට එරෙහිව ඡන්දය භාවිත කරන බව අවධාරණය කර තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *