හෙට රට දකින්නෙත්, හෙට රට හදන්නෙත් අපි…! – රනිල්….

October 21, 2021 at 10:40 am | by emanisa.lk

හෙට රට දකින්නෙත්, හෙට රට හදන්නෙත් තම පක්ෂය පමණක් බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ පවසයි.

ඔහු මෙම අදහස් පළ කළේ, පක්ෂ මූලස්ථානයේ අද (20) පැවැති සාමාජික ප්‍රවර්ධන වැඩසටහනකට එක්වෙමිනි.
පක්ෂයේ නව සාමාජිකත්වය ලබා ගැනීම සඳහා සකස් කළ දුරකතන ඇප් එකක් හඳුන්වා දීම ද මෙහි දී සිදුකෙරුණි.

“ඩී. එස්. සේනානායක මැතිතුමා සමරන්නේ, අද අපි ලංකාවේ පළවෙනි ඩිජිටල් සාමාජිකත්වය ඇති කරපු දේශපාලන පක්ෂය විදිහටයි. හෙට දකින හෙට හදන අපි මෙය ආරම්භ කරන්නේ. මට ලැබුණ අවස්ථාව, 2003 දී මේ රට සහල්වලින් ස්වයංපෝෂිත කළා. එපමණක් නෙමෙයි, සුවසැරිය ආරම්භ කළා.

සමහර විට අපි මේක දැක්කට අනිත් අය හෙට දැක්කේ නැහැ. පාසල් සිසුන්ට ටැබ් දෙද්දි එළියෙනුයි ඇතුළෙනුයි විරුද්ධ වුණා. අපි වඳ වෙනවා කිව්වා. දැන් අධ්‍යාපනය වඳ වෙලා තියෙන්නේ. අපි එක් මන්ත්‍රීවරයෙක් වෙනකම් පරාජය වුණා.

ඒත් අද අපිට හෙට හදන්න පුළුවන් කියලා ඔප්පුවෙලා. ඉන්න දේශපාලන ව්‍යාපාරවලින් හෙට දකින්නෙත් හෙට හදන්නෙත් එක්සත් ජාතික පක්ෂය කියලා මම කියන්න කැමතියි.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *