හෙට දවල් 12ට පෙර රිෂාඩ් හිස්බුල්ලා සාලි තුන් කට්ටුව ඉවත් කළ යුතුයි! නැත්නම් රට පුරා භික්ෂූන් වහන්සේලා සමග උපවාසයට සූදානම්! – ඥානසාර හිමි දළදා මැදුර අබියස දී කියයි…

June 2, 2019 at 1:37 pm | by admin

මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගා මළුවේ උපවාසයක නිරත වෙන පුජ්‍ය අතුරලියේ රතන හිමිට සහයෝගය පළකිරීම සඳහා බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් රාජකීය පණ්ඩිත ගලගොඩඅත්තේ ඥානසාර හිමි අද (2) උදෑසන එහි වැඩම කළේය.

අමාත්‍ය රිෂාඩ් බදුර්දීන්, ආණ්ඩුකාර හිස්බුල්ලා සහ අසාද් සාලි තනතුරුවලින් ඉවත් කිරීමට හෙට (3) දහවල් 12 වන තුරු රජයට කල් ලබා දෙන බවත් එය ඉටු කිරීමට ආණ්ඩුව අපොහොසත් වන්නේ නම් සමස්ත සංඝයා එකතුව රට පුරා මෙම අරගලය ව්‍යාප්ත කිරීමට කටයුතු කරන බවත් ඥානසාර හිමි මෙහිදී අවධාරණය කළේය.

කුමන දේශපාලන මතවාද දැරුවද මුස්ලිම් අන්තවාදයට එරෙහිව ගෙන යන අරගලයේදී තමන් ඕනෑම පාර්ශවයක් සමග කොන්දේසි විරහිතව එකතුවී කටයුතු කිරීමට සුදානම් බවත් ඥානසාර හිමි මෙහිදී පැවසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස