හෙට ඡන්දයක් තිබ්බොත් ආණ්ඩුව පරාදයි…! බැනුම් අහන එක අපේ පවුලට සාමාන්‍ය දෙයක්…! – ශෂීන්ද්‍ර…

October 24, 2021 at 4:19 pm | by emanisa.lk

හෙට මැතිවරණයක් පැවැත් වුවහොත් ආණ්ඩුව පරාජයට පත්වන බව රාජ්‍ය ඇමැති ශෂීන්ද්‍ර රාජපක්ෂ පවසයි.

ඊයේ (23) බදුල්ල දිස්ත්‍රික්කයේ ජනතාවට කාබනික පොහොර බෙදා දීමේ උත්සවයට එකතු වෙමින් ලොග්ගල් ඔය දී ඔහු මේ බව ප්‍රකාශ කළේය.

මඩ සෝදා ගත් කළ ගොවියා රජකමටත් සුදුසු යැයි සඳහන් කළ ද මෑත කාලයේ කිසිදු ගොවියෙක් රජ වී නොමැති බවත් ණය බරින් මිරිකෙමින් වස බෝතලය අතේ තබා ගෙන වස බීමට සූදානම් ගොවීන් නම් සිටින බවත් රාජ්‍ය ඇමැතිවරයා ප්‍රකාශ කරයි.

රට පුරා රසායනික පොහොර දියවු කියමින් උද්ඝෝෂණ කරන පිරිස ගොවීන් නොවන බව බුද්ධි අංශවලින් අනාවරණය කර ගෙන ඇති බවත් ඔහු අනාවරණය කරයි.

“වසවිෂ කාලා මිනිස්සු මැරුණත් කමක් නෑ, මගේ ඡන්දය මම දිනනවා කියන තැන ඉඳගෙන නෙමෙයි, ජනාධිපතිතුමා තීන්දු ගන්නේ. බැනුම් අහන එක අපේ පවුලේ සාමාන්‍ය දෙයක් බවට දැන් පත් වෙලා තියෙන්නෙ. හැබැයි හදවතින් අපි කරන්නේ නිවැරදි වැඩේ නම් හරි වැඩේ නම්, මොනතරම් අවලා ද අපිට ආවත් අපේ ගම්න අපි අනිවාර්යෙන්ම යනවා කියන එක පැහැදිලිව කියන්න ඕන.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *