හූල් කළ ප්‍රකාශයෙන් පොහොට්ටුවට අගතියක් නෑ! – මහින්ද දේශප්‍රිය

June 9, 2020 at 8:19 am | by emanisa.lk

මැතිවරණ කොමිසමේ සාමාජිකයකු වන මහාචාර්ය රත්නජීවන් හූල් මහතා පසුගියදා මාධ්‍ය වෙත කළ ප‍්‍රකාශයෙන් කිසිදු පක්‍ෂයකට අගතියක් ඇති නොවන බව එම කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය ඊයේ (08) මාධ්‍ය වෙත ප‍්‍රකාශයක් කරමින් පැවසීය.

එමෙන්ම එම ප‍්‍රකාශයෙන් කිසිදු පක්‍ෂයකට වාසියක් හෝ ප‍්‍රවර්ධනයක් ඇති නොවන බවද හෙතෙම සඳහන් කළේය.

කෙසේ නමුත් හූල් කළ ප‍්‍රකාශය තමන් පිළිනොගන්නා බව එහිදී සඳහන් කළ සභාපතිවරයා මාධ්‍යයට කළ ප‍්‍රකාශය පිළිබඳව ඔහු තමාට කී කරුණු විශ්වාස කරන බවද කියා සිටියේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස