හූල්ගේ දුව කොමිසමට ගෙන ආ කැබ්රථ රියදුරා සහ සේවකයෙක් නිරෝධායනයට!

May 22, 2020 at 10:00 am | by emanisa.lk

මැතිවරණ කොමිසමේ සාමාජිකයකු වන රත්නජීවන් හූල්ගේ දියණිය නිරෝධායනයට ලක්වෙමින් සිටි මීගමුව ජෙට්වින්ග් හෝටලයේ සිට කොළඹ මැතිවරණ කොමිසම් කාර්යාලයට රැගෙන ආ කැබ් රථ රියදුරුට සහ මැතිවරණ කොමිසමේ සේවකයකුට දින 14ක් නිරෝධායනය වන ලෙස උපදෙස් දී තිබේ.

දින 14ක් නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය වීමෙන් පසු නිවසේ නිරෝධායනය වන්නට උපදෙස් ලැබුණු හූල්ගේ දියණිය පසුගිය 18-19 දෙදින මැතිවරණ කොමිසමට රැගෙන ඒමට හූල් කටයුතු කර තිබිණි. ඊට කොමිසමේ සෙසු නිලධාරීන් දැඩි විරෝධය දක්වා ඇතැයි වාර්තා විය.

කිසියම් ආකාරයකින් හූල්ගේ දියණිය කොරෝනා ආසාදිතයකු වුවහොත් සමස්ත මැතිවරණ කොමසාරිස් කාර්යාල සේවක පිරිසම නිරෝධායනයට ලක්කිරීමට සිදුවන අතර එය ඉදිරි මැතිවරණ ක්‍රියාවලිය සම්පූර්ණයෙන් අඩාල වීමට හේතු වනු ඇත.

එසේම මැතිවරණ කොමසාරිස් කාර්යාලයට මේ දිනවල විශාල පිරිසක් පැමිණෙන නිසා රට පුරා කොරෝනා පැතිර යාමේ අවදානමක් ද තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස