ගාල්ල දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, හිටපු නියෝජ්‍ය අමාත්‍ය ලයනල් ප්‍රේමසිරි මහතා සමගි ජන බලවේගයට එක්වෙයි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් දේශපාලනයට පිවිසි ඒ මහතා ගාල්ල නගරාධිපති ධූරයට පත් විය. ඉන් අනතුරුව ඔහු එක්සත් ජාතික පක්ෂයට එක් වී නැවතත් ගාලු දිස්ත්‍රික් නගරාධිපතිවරයා ලෙස තේරී පත් විය.
ලයනල් ප්‍රේමසිරි මහතා 2004 වසරේ දී එක්සත් ජාතික පක්ෂයෙන් ගාල්ල දිස්ත්‍රික්කය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පිවිසි අතර අනතුරුව එක්සත් ජනතා නිදහස් සන්ධානයට එක් විය.
ඒ මහතා 2007-2010 කාලයේ සමාජ සේවා සහ සමාජ සුබසාධන නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ අතර අනතුරුව කැනඩාවේ නියෝජ්‍ය මහ කොමසාරිස්වරයා ලෙස ද කලක් කටයුතු කර තිබේ.