හිස්බුල්ලා ප්‍රයිවට් ලිමිටඩ් කැම්පස් එක රකින්න රජයේ හමුදාව තුන්හාර දාහක් දාන්න ඕන නෑ!-රතන හිමි

June 12, 2019 at 8:10 pm | by emanisa.lk

පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් ඇතුලු පිරිසක් පසුගියදා (11) මඩකළපුව ප්‍රදේශයේ ඉදිකර ඇති පෞද්ගලික විශ්ව විද්‍යාලයේ නිරීක්ෂණ චාරිකාව නිරත වූහ.

විශ්වවිද්‍යාලය නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව පූජ්‍ය අතුරලියේ රතන හිමියන් මාධ්‍ය වෙත මෙසේ අදහස් පළකළේය.

‘‘ස්ථිරවම මේ හිස්බුල්ලා ප්‍රයිවට් ලිමිටඩ් කොම්පැණි මඩකළපුව කැම්පස් එක අනිවාර්යෙන්ම ශ්‍රී ලංකා රජයට අරගෙන ශ්‍රී ලංකා ආරක්ෂක හමුදාවේ විද්‍යා පීඨයක් බවට පත් කරන්වා. මොකද මේ රටේ මොන ආයතනයකින්ද මේ සල්ලි ලබා ගත්තෙ, ඒ සල්ලි භාවිතා කළේ කෙලෙසද, සල්ලි ගියේ ත්‍රස්තවාදීන්ගේ අතටද, නැත්තම් හොරකන් කරලා වෙනත් බැංකුවල දැම්මද, ඒ හැම දෙයක් කෙරෙහිම විනිවිද භාවයෙන් යුතු පරීක්ෂණයක් කළ යුතුයි‘‘

යම් කිසි විශ්ව විද්‍යාලයක් හදනවනම් ඒ විශ්ව විද්‍යාලය ගිහිල්ලා බලන්න, එහි කුමක්ද සිදුවෙන්නෙ කියලා හොයන්නෙ මේ රටේ අපිට අයිතියක් තියෙනවා. කොටි සංවිධානය විසින් ත්‍රස්තවාදය යටතේ ආවරණය කර ගත්ත තහනම් කලාපයක් නෙවෙයි හිස්බුල්ලා ප්‍රයිවට් ලිමිටඩ් කැම්පස් එක. හමුදාවේ විශාල පිරිසක් මේ ස්ථානයේ ආරක්ෂාව සඳහා යොදවලා තියෙනවා. කාගෙවත් ප්‍රයිවට් කොම්පැනි හමුදාවෙ තුන් හාර දාහක් දාලා ආරක්ෂා කරන්න ඕන නෑ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස