හිර ගෙදර විසි හතර පැයක් නෑ… දුමින්ද යළිත් රෝහලට…!

January 12, 2025 at 11:01 am | by emanisa.lk

වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාට හදිසියේ ඇතිවූ රෝගී තත්වයක් හේතුවෙන් ඔහු අද (11) දහවල් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇත.

වැලිකඩ බන්ධනාගාර රෝහලේ දිගු කාලයක් ප්‍රතිකාර ලබමින් සිටි දුමින්ද සිල්වා මහතා හදිසියේම ඊයේ වැලිකඩ සාමාන්‍ය වාට්ටුවකට මාරු කර යවා තිබේ.

ජාතික රෝහල වෙත ඇතුළත් කළ දුමින්ද සිල්වා මහතා මේ වන විට පරීක්‍ෂණ කිහිපයකට භාජනය කර ඇති අතර ඔහු දැඩි පොලිස් ආරක්ෂාවක් යටතේ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබයි

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *