කොටුව මහේස්ත්‍රාත් අධිකරණ මගින් රිමාන්ඩ් බාරයට පත්කර සිටි අරගල ක්‍රියාකාරිකයකු වන ධනීෂ් අලීට දින 14 ක සිරදඩුවම් නියම වී තිබේ.
ඒ මැගසින් බන්ධනාගාර තුළ ජංගම දුරකතනයක් භාවිත කිරීමේ වරදටය.
මෙම සැකකරු කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඉකුත් 27 දින රිමාන්ඩ් බාරයට පත්කර නව මැගසින් බන්ධනාගාරයේ රඳවා සිටිය දී ජංගම දුරකතනයක් සමග ඔහු බන්ධනාගාර නිලධාරීන් බාරයට ගෙන ඇත.
බන්ධනාගාර නීති නීති රීතිවලට අනුව නීති විරෝධී තහනම් ද්‍රව්‍යයක් වන ජංගම දුරකථනයක් භාවිත කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ අද (4) දින බන්ධනාගාර විනිශ්චය මණ්ඩලය වෙත ඉදිරිපත් කර තිබේ.
මෙම සැකකරු අතිරේක දිසා විණිසුරුවරයා හමුවේ වරද පිළිගැනීමෙන් පසු දින 14 ක සිර දඩුවම් ලබා වැලිකඩ බන්ධනාගාරයට මාරු කර ඇත.
මොහුට ජංගම දුරකථන ලැබුණු ආකාරය පිළිබඳ මේ වන විට පරික්ෂණයක් සිදු කරයි.