හිරුණිකා අත්අඩංගුවට ගන්නා වරෙන්තුව එසැණින් රිවර්ස්….!

March 10, 2021 at 2:12 pm | by emanisa.lk

අත්අඩංගුවට ගැනීම සඳහා මහාධිකරණය විසින් වරෙන්තු නිකුත් කර තිබූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර සිය නීතිඥවරිය මාර්ගයෙන් අධිකරණයට ඉදිරිපත් වීමෙන් පසුව ඈ වෙනුවෙන් නිකුත් කර තිබූ වරෙන්තුව ආපසු කැඳවන ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා අනියෝග කළේ ය.

තරුණයකු පැහැරගෙන සිරකර තැබීම සම්බන්ධයෙන් ගොනු කර තිබෙන නඩුව අද (10) පෙරවරුවේ කැඳවනු ලැබූ අවස්ථාවේ දී විත්තිකාර හිරුණිකා ප්‍රේමචන්ද්‍ර අධිකරණයේ පෙනී නොසිටියා ය.

ඒ අනුව ඈ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දන්වා මහාධිකරණ විනිසුරුවරයා විසින් වරෙන්තු ද නිකුත් කරනු ලැබීය.

එහෙත් එම නියෝගය ප්‍රකාශයට පත්වී ස්වල්ප වේලාවකට පසුව හිරුණිකා ප්‍රේමචන්ද්‍ර අධිකරණයට ඉදිරිපත් වූවාය.

සිය රථයට වී කුඩා දරුවාට කිරි ලබා දෙමින් සිටි හෙයින් අදාළ අවස්ථාවේ අධිකරණයට පැමිණීමට නොහැකි වූ බව ඇය විනිසුරුවරාට දන්වා තිබේ. එම කරුණත් මෙයට පෙර අධිකරණය මඟ නොහැරීමත් පදනම් කරගෙන අදාළ වරෙන්තුව නැවත කැඳවා ඇතැයි වාර්තා වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *