හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනි හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට වසර තුනක බරපතල වැඩ සහිත සිරදඬුවම් නියම කිරීමට කොළඹ මහාධිකරණය අද (28) නියෝග කළේය.
දෙමටගොඩ ප්‍රදේශයේ වෙළෙඳසලක සේවය කළ තරුණයකු පැහැරගෙන ගොස් අයුතු ලෙස සිරකර තැබීමේ චෝදනාවට හිටපු මන්ත්‍රීවරිය වරදකරු කරමින් මහාධිකරණය මෙම නියෝගය නිකුත් කෙරිණි.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට කොළඹ මහාධිකරණ විසින් බරපතළ වැඩ සහිත වසර තුනක සිර දඬුවම් නියම කර තිබේ.
කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජ මහතා විසින් තීන්දුව ප්‍රකාශයට පත් කර තිබිණි.